ඌව මහ ඇමතිට යළි අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබාදීමට එරෙහිව ගුරුවරු විරෝධතාවකට සැරසෙයි

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට යළි පළාත් අධ්‍යාපන අමාත්‍යධූරය ලබාදීමට එරෙහිව එළඹෙන 23 වනදායින් පසු විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

විදුහල්පතිනියක දණ ගැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් අධ්‍යාපන අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය.

කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කෙරුණු අතර එම විමර්ශන අවසන් වීමටත් ප්‍රථම යළි ප්‍රධාන අමාත්‍යවරයාට අධ්‍යාපන අමාත්‍යධූරය ලබාදීම ගැටළු සහගත බව එම සංගමය සඳහන් කළේය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top