පූනරින් ප්‍රදේශයේදී ලක්‍ෂ 50ක් වටිනා කේරළා ගංජා තොගයක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 37ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පුනරින් සංගුපිටි පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. ලොරි රථයකින් කේරළා ගංජා තොගයක් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (18) දින සිඳුකළ වැටලීමකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

යකඩ ප්‍රවාහනය කරන මුවාවෙන් යාපනයේ සිට පුත්තලම දක්වා මෙම ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටි අතර, එවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 50ක් පමණ වන බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top