මන්නාරමේදී අතුරුදන්වූ පුද්ගලයෙකුගේ මළ සිරුර සොයා ගනී..

මන්නාරම,ජෝශප්වාස් නගර් ප්‍රදේශයේ සිට අතුරුදහන්ව සිටි දරුවන් අට දෙනෙකුගේ පියෙකුගේ මළ සිරුරක් ඊයේ (18) සොයාගත් බව මන්නාරම පොලීසිය පවසයි.

මන්නාරම පොලිසිය පැවසූවේ පසුගිය මස 26 වැනිදා අතුරුදහන්වු ‍මන්නාරම ජෝශප්වාස් නගරයේ පදිංචි 71 හැවිරිදි මනුවේල් පිල්ලේ නොහොත් ඇල්බට් නමැත්තෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගෙන ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැවසූවේ අදාළ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පසුගිය 31 වැනිදා මන්නාරම පොලීසිය වෙත පැමිණිල්ලක්ද සිදුකර තිබෙන බවයි.

මන්නාරම තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයේ ඔලෙත්තොඩුවායි කැළැව තුළ තබී මළ සිරුර සොයාගත් බවද පොලීසිය පැවසීය.

පොලිසිය පැවසූවේ මියගිය පුද්ගලයාගේ ඥාතීන් මළ සිරුර හඳුනාගෙන ඇති අතර, මරණයට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ මන්නාරම රෝහල් මෘත ශරීරා‍ගාරයේදී පැවැත්වීමට නියමිත බවද ‍පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top