නල්ලූර් ප්‍රදේශයේ නීතිවිරෝධී ගොඩනැගිළි කඩා ඉවත් කිරීමට තීරණය කරයි..

නල්ලූර් ප්‍රාදේශීය සභා සීමාව තුළ නීති විරෝධී ලෙස ඉදිකරන ගොඩනැගිළි කඩා ඉවත් කිරීමට නල්ලූර් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඒකමතිකව තීරණය කර තිබේ. ඊයේ (18) දින පැවැති නල්ලුර් ප්‍රාදේශීය සභාවේ පළමු සැසිවාරයේදී මෙම තීරණය ගෙන තිබේ.

එහිදී නීති විරෝධී ගොඩනැගිළි සම්බන්‍ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග කුමක් දැයි සභාපතිවරයා විසින් විමසීමෙන් අනතුරුව පැවැති වාද විවාදයෙන් පසු සභාවේ අනුමැතියකින් තොරව අලුතින් නීති විරෝධී ලෙස ගොඩනැගිළි ඉදි නොකරන්නැයි ජනතාව දැනුවත් කිරීමටත්, එය නොතකා නීති විරෝධී ලෙස ඉදිකරන ගොඩනැගිළි කඩා ඉවත් කිරීමටත් සභාව ඒකමතික තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top