අගමැතිට සහාය පළ කළා… ඒකාබද්ධ විපක්‍ෂය මාව විශ්වාස කළේ නැහැ…

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට තමන් සහාය ලබා නොදීම හේතුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය තමන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි. එමෙන් තමන්ට එරෙහිව ගෙන ඒමට නියමිත බව කියන විශ්වාස භංග යෝජනාව දේශපාලන අවශ්‍යතාවයකින් යුතු දෙයක් බව හෙතෙම පවසා තිබේ.

ලෝකයේ විපක්‍ෂ නායකයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන ප්‍රථම අවස්ථාව මෙය වන බවත්, එයට මුහුණ දීමට තමන් සූදානමින් සිටින බවද හෙතෙම පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාගේ වැඩපිළිවල කෙරෙහි තමන්ට ඇති තෘප්තිය මත තමන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ බවද සම්බන්‍ධන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top