ආවා කල්ලියට කිසිම පසුබිමක් නැහැ – ඩග්ලස්

douglas ඩග්ලස්ආවා කල්ලියට පසුබිමක් තිබෙන බවට තමන් නොසිතන බව ඊළ මක්කල් ප්‍රජාතාන්ත්‍රික පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. ඊයේ සඳුදා දින යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ, ‘දකුණු ඉන්දිය සිනිමාව අනුකරණය කරමින් කුඩා කල්ලියක් සංවිධානය කරගෙන තිබීම හැර ඔවුන්ට විශාල පසුබිමක් ඇති බවට දැක්නට නොමැත. එදා පටන් ගමට චන්ඩියෙක්, සුළු කල්ලියක් තිබෙනවා.. මෙයත් එවැනි කල්ලියකි. පොලීසිය හා මාධ්‍ය මෙය පුම්බා පෙන්වා තිබෙනවා. පසුගිය ආණ්ඩුවට චෝදනා එල්ල කිරීම සඳහා වත්මන් ආණ්ඩුව එම කල්ලියේ නම භාවිතා කරමින් සිටිනවා‘

‘අද දෙමළ තරුණයන් කඩු ඇතුළු උල් ආයුධ රැගෙන සැරි සැරීමට හේතුව පසුගිය කාලයේ සහ වර්තමාණ දෙමළ නායකයන් ගැටළුවලට නිසි විසඳුමක් ලබාදීමට උත්සහ නොකිරීමය‘ යැයි ඩග්ලස් දේවානන්දා මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top