ඉන්දියාව ළමා දූෂකයන්ට මරණ දඬුවම නියම කරයි..


ඉන්දියාවේ ළමා දූෂකයන්ට එරෙහිව මරණීය දණ්ඩනය පැනවීමේ යෝජනාව එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඉන්දියාව තුළ ආසන්න සති කිහිපයේ සිදුවූ ළමා අපචාර සහ ඒ හරහා රජයට එල්ල වූ දැඩි අපකීර්තිය හමුවේ ඉන්දීය රජය මෙම දැඩි පියවර ගෙන ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

ඒ අනුව, මෙම නව නීතිය යටතේ වයස අවුරුදු 12 ට අඩු දරුවෙකු ලිංග අපයෝජනයකට ලක්කිරීම මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදක් බවට පත්ව තිබේ.

වයස අවුරුදු 08ක දැරියක සමූහ දූෂණයට ලක්කර මරා දැමීමේ සිදුවීම සමග රට පුරා ඇවිලෙමින් පැවති විරෝධතා රැල්ල සමග මෙම තීරණය වඩාත් කඩිනමින් ගැනීමට ඉන්දීය රජයට සිදුව තිබේ.

විශේෂයෙන් ඉන්දියාවේ ළමා හා කාන්තා අපචාර සම්බන්ධයෙන් නීතිය මන්දගාමී ස්වරූපයක් ගන්නා බවට චෝදනා එල්ල වූයේ 2012 වසරේදී දිල්ලියේදී වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයකට ලක්කර මරා දැමීමේ සිදුවීමත් සමගිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top