උදයංග වීරතුංගව ලංකාවට භාරදීම ඩුබායි රාජ්‍ය ප්‍රතික්‍ෂේප කරයි..

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රි ලංකාවට භාර දෙන්නැයි ශ්‍රි ලංකා රජය කල ඉල්ලීම ඩුබායි රාජ්‍යය ප්‍රතික්ෂේප කර ඇත. උදයංග වීරතුංගව මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය රාජතාන්ත්‍රික වශයෙන් කටයුතු කරමින් සිටින නමුත් මෙතෙක් එයට සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පැවැසේ.

මිග් 27 ප්‍රහාරක ජෙට් යානා මිලදි ගැනීමේදී සිදුවු දූෂණ චෝදනා සම්බන්ධයෙන් වන ප්‍රධාන සැකකරු ලෙස එෆ්.සී.අයි.ඩී.ය විසින් හඳුනා ගනු ලැබ ඇත්තේ උදයංග වීරතුංග මහතා වන අතර, මේ වන විට ඔහු එක්සත් අරාබි එමිරේට්ස් බලධාරීන්ගේ රැදවුම් භාරයේ පසුවෙයි. ඔහු අත්අඩංගුවට ගැනීම කලේ ඩුබායි පොලීසියයි.වීරතුංග මහතාට ඩුබායි නුවර නිවසක් තිබෙන බවද පැවසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top