අත්තනගල්ල සංගීත ප්‍රසංයේදී වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්‍ධ සැකකරුවෙකු අත්අඩංගුවට

අත්තනගල්ල සංගීත ප්‍රසංයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු යැයි සැකපිට අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසේ.

පසුගිය (21) වනදා රාත්‍රීයේ අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකදී සිදුවූ වෙඩි තැබීමෙන් 37 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ගැබිණි කාන්තාවක් ඇතුළු 4 දෙනෙක් තුවාල ලැබූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top