SRILANKAN NEWS

නිසි විසඳුමක් නොලැබීමෙන් ඉරණයිතිව් ජනතාව විරෝධතාවක් අරඹයි..

කිලිනොච්චිය ඉරණයිතිව් ජනතාව තම ඉඩම්වල නැවැත පදිංචි කරන්නැයි ඉල්ලා අද (23) දින පෙරවරුවේ බෝට්ටු මඟින් තම ඉඩම්වලට ගොස් විරෝධතාවක් ආරම්භ කර තිබේ. කිලිනොච්චිය ඉරණයිතිව් ජනතාව 1992 වසරේදී තම ඉඩම්වලින් අවතැන්ව ගොස් මුලන්කාවිල් ප්‍රදේශයේ පදිංචිව සිටියෝය.

වසර 27කට පෙර පවුල් 183ක පමණ ජනතාව එම ප්‍රදේශයෙන් අවතැන්ව ගොස් සිටි අතර, දැන් පවුල් 400ක පමණ ජනතාව තම පාරම්පරික ඉඩම්වලින් බැහැරව මුලන්කාවිල් ප්‍රදේශයෙහි අවතැන්ව ජීවත්වෙති.

තම පරම්පරික ඉඩම්වල නැවැත පදිංචි කරන්නැයි පසුගිය වසරකට අධික කාලයක් ඉල්ලා සිටින ඉරණයිතිව් ජනතාව අද දින තම ඉඩම් පිහිටා ඇති ඉරණයිතිව් ප්‍රදේශයට බෝට්ටු මඟින් ගොස් එහි සිට තම විරෝධතාවය ආරම්භ කර තිබේ.