පලයි ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් භූගත බංකරයක් සොයා ගනී..


කිලිනොච්චිය, පච්චිලයිපල්ලි, අරසර්කේනි ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කළැයි සැක කරන භූගත බංකරයක් සොයාගෙන තිබේ. පුද්ගලික ඉඩමක තිබූ එම බංකරය ඉඩමේ හිමිකරු විසින් සොයාගෙන ඇති අතර, වහාම ඔහු අසල පිහිටි හමුදා කඳවුරට දැනුම් දී තිබේ.

අනතුරුව එම ස්ථානයට පැමිණි හමුදා නිලධාරින් එම බංකරය එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් බංකරයක් බව පවසා සිටි අතර, එය පරීක්‍ෂා කිරීමේ කටයුතු ද ආරම්භ කර තිබේ. එම බංකරය අඩි 35 – 45ක් පමණ ගැඹුරු බංකරයක් විය හැකි බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top