පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිදුකළ වැටලීමකින් ඩයිනමයිට් යොදා මරණ ලද මසුන් කිලෝ ග්‍රෑම් 3000ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (25) දින ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකය ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව මෙම වැටලීම සිඳු කර තිබේ. මෙම මත්ස්‍ය තොගය කින්නියා, පුල්මුඩේ හා මාතර යන ප්‍රදේශවලින් අලෙවිය සඳහා රැගෙනවිත් ඇති බව පැවැසේ.