ඉන්දීයාවේ සිට යළි නැවැත පදිංචියට යාපනයට පැමිණෙන පවුල් සංඛ්‍යාව ඉහළට

යුද්දය පැවැති සමයේ ඉන්දියාවට අවතැන්ව ගොස් යළි නැවැත පදිංචිය සඳහා යාපනයට පැමිණෙන පවුල් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව යාපනය දිස්ත්‍රික්ක දිසාපති නාකලිංගම් වේදනායකම් මහතා පවසයි. මෙතෙක් මෙලෙස පවුල් 1110ක් නැවත පදිංචිවී ඇති බවත්, යාපනයෙහි පදිංචිවීම සඳහා ඔවුන් යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී අලුතින් ලියාපදිංචි කරන බවද හෙතෙම පවසා තිබේ.

මෙම ලියාපදිංචි කිරීමේ කටයුතු නැවත පදිංචි කිරීම, බන්‍ධනාගාර හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය විසින් යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී යාපනය දිස්ත්‍රික්ක අතිරේක ලේකම් එස්. මුරලිදරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින පැවැත්වුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top