ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්‍ධ එහි හිටපු මෙහෙයුම් කළමනාකරු අත්අඩංගුවට

ඇවන්ගාඩ් පාවෙන අවිගබඩාවේ එවකට මෙහෙයුම් කළමණාකරු ලෙස සේවයේ යෙදී සිටි හිටපු නාවික හමුදා ලුතිනන් වරයෙකු වන සමුද්‍ර නිලුපුල් ද කොස්තා මහතා අද දින (26) අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු කැලණිය , ජම්බුගස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නිශ්ෂංක සේනාධිපති අධිපති ධුරය දැරූ ඇවන්ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව 2010 වසරේ අගෝස්තු මස 08 වැනිදා සිට 2015 වසරේ ජනවාරි මස 08 වැනිදා දක්වා කාලය තුළ ගාලු මුහුදු තීරයේ නැංගුරම් ලා තිබූ අතර එය ගිනි අවි ආඥා පනත, පුපුරන ද්‍රව්‍ය ආඥා පනත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදිය යටතේ නඩු පැවරූ සමාජයේ බොහෝ කතාබහට ලක්වූ කරුණක් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top