හෙට සහ අනිද්දාට සියලූම සුරා සැල් වැසේ, මස් මාංශ අලෙවිය හා කැසිනෝ ශාලා වැසේ

ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ 2018 වර්ෂයේ අප්‍රේල් මස 29 හා 30 යන දෙදින මෙවර වෙසක් දින වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, වෙසක් උත්සවය වෙනුවෙන් අප්‍රේල් මස 26 දින සිට මැයි මස 02 වන දින දක්වා කාලය වෙසක් සතිය වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අප්‍රේල් මස 29 හා 30 යන දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල් වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳ සැල් වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමට කටයුතු කරන ලෙස රජය විසින් දන්වා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top