වලිගාමම් නැගෙනහිර ප්‍රාදේශිය සභාවේ උප සභාපතිට මරණ තර්ජනයක්..

වලිගාමම්, නැගෙනහිර ප්‍රාදේශිය සභාවේ උප සභාපති ලෙස තේරීපත්වූ මහේන්ද්‍රලිංගම් කපිලන් නැමැත්තාට ඊයේ (27) දින දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර තිබේ. මේ සම්බන්‍ධයෙන් ඔහු අච්චුවේලි පොලීසියට පැමිණිළි කර ඇති අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් පොලීසිය විසින් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

වලිගාමම්, නැගෙනහිර ප්‍රාදේශීය සභාවට අච්චුවේලි දකුණ කොට්ඨාශයෙන් ප්‍රථම වරට තරඟ කළ කපිලන් ජනතාවගේ වැඩි ප්‍රසාදයක් ලබා මෙවර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස ද තේරී පත්වුණි. ප්‍රදේශීය සභාවේ පළමු සැසිවාරයේදී ජනතාවගේ සුබසාධනය සඳහා ඉදිරිපත් කළ යෝජනා සම්බන්‍ධයෙන් ඇතැම් පුද්ගලයින් අතෘප්තියට පත්වීමෙන් මෙලෙස මරණ තර්ජන එල්ල කර ඇතැයි සැකකරන බවට කපිලන් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top