WORLD NEWS

උතුරු සහ දකුණු කොරියානු නායකයන් අතර ඓතිහාසික සාකච්ඡා හමුවක්..

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මහතා සහ දකුණු කොරියානු නායක මූන් ජායි-න් මහතා අතර ඊයේ (27) දින පැවති ඵෙතිහාසික හමුවෙන් අනතුරුව වසර 65 ක් තිස්සේ ඇදී යමින් පවතින කොරියානු යුද්ධය නිමා කිරීම සඳහා නව ගිවිසුමක් අත්සන් කිරීමට දෙපාර්ශවයම එකඟ වී තිබේ.මෙම එකඟතාවන්ට පිවිස ඇත්තේ ඊයේ දිනය පුරා පැවති සාකච්ඡාවලින් අනතුරුවය.එම සාකච්ඡා අතරට නායකයින් දෙදෙනා අතර පැවති විනාඩි 30ක පෞද්ගලික සාකච්ඡාවක්ද අයත්ය.

මේ බව ප්‍රකාශ කර ඇත්තේ දකුණු කොරියාවේ සෝල් නුවර පැවති පුවත්පත් සාකච්ඡාවක් අතරතුරදීය.”සාමය, සෞභාග්‍යය සහ එකමුතුබව සඳහා වන පැන්මුන්ජොම් ප්‍රකාශය” ලෙස ගිවිසුම නම්කිරීමට නියමිතය.

“සාමයේ නව යුගයක් උදාවනු ඇත” යයි ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි-න් මහතා පැවසීය.”කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොරකිරීමට කිම් ජොන් අන් මහතාත් මමත් එකඟ වී සිටිනවා” යැයි දකුණු කොරියානු ජනාධිපති වරයා වැඩිදුරටත් පැවසීය.

1953 වසරේ ගිවිසුම් මගින් කොරියානු යුද්ධය අවසන් වූවද වරින් වර ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක නොවීමෙන් යුද්ධයකට මුල පුරන බව දෙපාර්ශවයෙන්ම ප්‍රකාශ නිකුත් කෙරිණි.

“අප එකිනෙකා සමග මරාගන්නා මිනිසුන් විය යුතු නැත. අපි එකමුතුව ජීවත් විය යුතුවෙමු….මේ මොහොත උදාවන තෙක් අපි බලා හිටියා….අපි සේරම” යයි කිම් ජොන් අන් මහතා පැවසීය.එසේම උතුරු කොරියානු නායකයා පවසා සිටියේ දකුණු කොරියාවට ඔහු පිවිසි මාර්ගය සෑම උතුරු කොරියානුවෙකුටත් දකුණු කොරියානුවෙකුටත් ඉදිරියට ප්‍රයෝජනවත් වනු ඇති බවයි.

“යුද්ධයක බියකින් තොරව කොරියානු අර්ධද්වීපයේ සාමය සහ සෞභාග්‍ය දැන් අපට අත්විඳින්න පුළුවන්…..මේ මොහොත උදාවන තුරු අපි හැම දෙනාම බලා සිටියා” යයිද උතුරු කොරියානු නායකයා පැවසීය.