SRILANKAN NEWS

මුදල් ඇමැතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි

ravi - රවිමුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අද (09) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. යහපාලන ආණ්ඩුවේ සිඳුවූ වංචා දූෂණ පිළිබඳව මෙලෙස චෝදනා එල්ලකර තිබේ.

රවී කරුණානායක මහතාට එරෙහිව චෝදනා 12ක් තිබෙන බවත්, අද දිනයේ එයින් චෝදනා 3ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ අතර, ඔහු බිලියන 10ක වංචාවක්ද කර ඇති බව පෙන්වාදී ඇති බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ගෙවුණු කාලය තුළ මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දූෂිත ක්‍රියා හේතුවෙන් රජයට පාඩුවී ඇති මුදල්වල වටිනාකම රු.බිලියන 32ක් පමණ වන බව ඒකාබද්ධ විපක්‍ෂ සඳහන් කරන අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ද ඒකාබද්ධ විපක්‍ෂය විසින් පැමිණිල්ලක් ගොනු කර තිබීම විශේෂත්වයකි.