ලෝක කම්කරු දිනය අදයි

ලෝකයේ වැඩකරන ජනතාව මහත් අභිමානයෙන් සමරන ලෝක කම්කරු දිනය අදට යෙදී තිබේ. ශ්‍රී ලංකාවේ මෙවර මැයි දින සැමරුම ලබන 7 පැවැත්වීමට නියමිතය. මැයි දිනය සමග යෙදී තිබෙන වෙසක් සතිය සැලකිල්ලට ගනිමින් මැයි පෙළපාලි සහ රැස්වීම් මැයි 7 වන දිනට කල් දැමීමට පසුගියදා රජය තීරණය කර ඇති අතර එදින රජයේ නිවාඩු දිනයක් බවට ද ප්‍රකාශ කර තිබේ.

1886 මැයි මස 01 වැනි දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ කම්කරුවන් තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවක නිරත වූ අතර එම දිනය සමරමින් ලෝක කම්කරු දිනය මැයි 01 දිනට ජගත් ප්‍රජාව විසින් වෙන් කොට සමරනු ලබයි. එදින සිට මැයි මස පළමු වැනි දින ලෝක කම්කරු දිනය සමරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top