උදය ගම්මන්පිලට රට යන්න අවසර

uthay-gammapila_ ගම්මන්පිලපිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට විදේශ ගත වීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද (09) අවසර ලබාදී තිබේ.

ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු හට අයත් සමාගමක රුපියල් කෝටි 11ක් වටිනා කොටස් වංචා සහගතව විකිණීම සම්බන්ධයෙන් ගම්මන්පිල මහතාට එරෙහිව චෝදනා එල්ලවී තිබේ. ඉකුත් චෝදනාව සම්බන්‍ධ නඩුවට අදාළව අධිකරණය විසින් ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කර තිබුණි.

කෙසේ නමුත්, විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සදහා නොවැම්බර් මස 21 දින සිට 24 දින තෙක් ඉන්දියාවට යාමට අවසර ලබාදෙන ලෙස ඒ මහතා විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණය ඒ සදහා අවසර ලබා දී ඇත. ලබන දෙසැම්බර් මස 09 වනදා සිට 20 වනදා තෙක් ජපානයේදී පැවැත්වීමට නියමිත සමුළුවක් සදහා සහභාගි වීමටද ගම්මන්පිල මහතාට අද අවසර ලබාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top