අයවැය හෙට පාර්ලිමේන්තුවට

budget-1 අයවැය2017 මුදල් වර්ෂය සඳහා වන අය වැය හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2017 වසර සදහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති අතර මෙවර අයවැය ජනතා අපේක්ෂාවන් ඉටු නොවන අයවැයක් වනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද අනාවැකි පළ කර සිටියි.

අයවැය දෙවැනි වර කියවීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, අද (09) පාර්ලිමේන්තුව විශේෂ සෝදිසියකට ලක්කිරීමට නියමිතය.

එමෙන්ම ලබන 19 වැනිදා සිට දෙසැම්බර් මස 10 වැනිදා දක්වා අයවැය කාරක සභා අවස්ථාව පැවැත්වෙන අතර, අයවැය තුන්වැනි වර කියැවීම දෙසැම්බර් මස 10 වැනිදා පස්වරු 6.00 ට සිදුකිරීමට සැලසුම් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top