SRILANKAN NEWS

උතුරු පළාත් මහ ඇමැතිගේ කටයුතු ගැන ආණ්ඩුකාරවරයා අප්‍රසාදය පළ කරයි..

reginold-cooray රෙජිනෝල්ඩ් කුරේඋතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියා කලාපය ගැන උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය අප්‍රසාදය පළ කර තිබේ.

උතුරේ පරිපාලන කටයුතුවල ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවට උතුරු පළාත් මහ ඇමැතිවරයා මෑතකදී කළ ප්‍රකාශය පදනම් විරහිත බවත්, එය දේශපාලන අරමුණක් හැර ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පවසා නොමැති බව ආණ්ඩුකාරවරයා පවසා තිබේ.

උතුරු පළාතේ ඇතැම් දේශපාලකයන් තම අදහස් බහුතර පිරිසගේ අදහස් යැයි සිතා තොරතුරු පළ කරන බවත්, උතුරේ අලුතින් රෝගයක් පැතිර ඇති බවත්, සෑම කටයුත්තකටම ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව ඉල්ලා සිටින බවට හෙතෙම චෝදනා කර තිබේ.

පුනරුත්ථාපනය ලැබූ එල්.ටි.ටි.ඊ. සාමාජිකයන්ට විෂ එන්නත් ලබාදී ඇති බවත්, දේශීය වෛද්‍යවරුන්ගේ පරීක්‍ෂණය වෙනුවෙන් ජාත්‍යන්තර වෛද්‍යවරුන්ගේ පරීක්‍ෂණයක් අවශ්‍ය බවට විග්නේෂ්වරන් ඉල්ලා සිටි බවද පවසා තිබේ. යුද අපරාධ සම්බන්‍ධයෙන් ජාත්‍යන්තර විනිසුරුන් අවශ්‍ය බව මහ ඇමැතිවරයා ඉල්ලා සිටි බවත්, එවැනි ප්‍රකාශන පදනම් විරහිත බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පෙන්වාදී තිබේ.