නව ව්‍යවස්ථාව තුළින් උතුර නැගෙනහිර ජනතාවට සම අයිතිවාසිකම් ලබාදිය යුතුයි – සම්බන්‍ධන්

sambanthar - සම්බන්‍ධන්නව ව්‍යවස්ථාව තුළින් උතුරු නැගෙනහිර ජනතාවට සම අයිතිවාසිකම් ලබාදිය යුතු බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

උතුරු පළාතේ රඳවා සිටින ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ ප්‍රමාණය ද ඉදිරියේදී අඩුකළ යුතු බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍යය අමාත්‍ය ජොයිස් ඇනෙල් මහත්මිය සමඟ පැවැති සාකච්ඡාවේදී සම්බන්‍ධන් මහතා පවසා තිබේ.

උතුරේ රඳවා සිටින ආරක්ෂක හමුදා හේතුවෙන් ජනතාවගේ නිදහස සීමා වී ඇති බවත්, පවතින ව්‍යවස්ථාව තුළින් උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් සපුරා ගැනීමට තරම් කිසිවක් නැති බවද පවසා තිබේ. උතුර නැගෙනහිර ජනතාවට සම අයිතිවාසිකම් ලබාදීමට බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ යුතු යැයි සම්බන්‍ධන් මහතා ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top