ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම පිළිබඳව දැඩි කනගාටුව ප්‍රකාශ කරන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. ඊයේ (09) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
ආබාධිත රණවිරුවන්ගේ මෙම ගැටළුවට පිළියම් යෙදීම ආරම්භ කළේ බොහෝ කාලයක් සිටයි. පවතින රෙගුලාසී වෙනස් කර විශ්‍රාම වැටුප ලබාදීමට එකඟ වී තිබුණි. නමුත් රජයට විරුද්ධ කණ්ඩායම් අසරණ රණවිරුවන් උසිගන්වා බලහත්කාරයෙන් ජනාධිපති කාර්යාලය එවන්නට ක්‍රියා කළ ඒ අය මේ වගකීම භාරගත යුතුයි. පටු දේශපාලන අරමුණු සැබෑ කරගන්න ආබාධිත රණවිරුවන්ගේ ගැටළුව යොදාගැනීමට කටයුතු කළා.මේ පිටුපස දේශපාලන බලවේගයක් තිබෙනවා.රණවිරු ගැටළුව තම දේශපාලන අරමුණු සැබෑ කරගන්නට භාවිතා කරනවා.
මීට පෙර කිසිම රජයක් රණවිරුවන්ගේ මෙවැනි ගැටළු සඳහා මැදිහත් වුණේ නෑ. වසර 2008 සිට පැවැති ගැටළුවක් අපේ රජය විසඳීමට කටයුතු කළේ. අවසන් විසඳුම සාකච්ඡා වන අතරතුර මෙවැනි දෙයක් සිදුකරගැනීම කනගාටුවට කරුණක්. අවශ්‍ය සියලු විශ්‍රාම වැටුප් ලබාදීමට ජනාධිපතිතුමාත් උපදෙස් ලබා දී තිබෙනවා.අද ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරියට ඇවිත් උද්ඝෝෂණයක් කරන්න නිදහසක් තිබෙනවා යැයි රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment