SRILANKAN NEWS

චන්ද්‍රිකාගේ උපාය ක්‍රියාත්මක කළ හිලරි මැතිවරණයෙන් පරාජයවුනා – දයාන් ජයතිලක

dayan-jeyathilaka දයාන් ජයතිලක චන්ද්‍රිකාගේ උපාය ක්‍රියාත්මක කළ හිලරි කිලින්ඩන් මැතිවරණයෙන් පරාජයට පත්වූ බව දේශපාලන විචාරකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

එහිදි ඔහු සඳහන් කළේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඝෘජු සහ අනියම් ආකාරයට ලංකාවට බලපෑම් එල්ල කළ හැකි බවත්, එහි වැඩි බලපෑමක් ශ්‍රී ලංකාවට සුභදායි ලෙස බලපානු ඇති බවත් සඳහන් කරයි.

ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වූ හිලරි ක්ලින්ටන් දමිළ ඩයස්පෝරාවේ නොමසුරු සහාය ලැබූ බවත් ඒ අනුව ඇය ජනාධිපති ධූරයට පත් වූයේ නම් ලංකාවට එය අසීරු තත්ත්වයක් උදා කරනු ඇති බවද පෙන්වාදී තිබේ. උතුරේ ජාතිවාදීන්ගේ විශාල බලාපොරොත්තුවක් ඒ අනුව බිඳ වැටුණු බවද පවසා තිබේ.

හිලරිගේ පරාජයෙන් සහ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණයෙන් ශ‍්‍රී ලංකාවට ද දේශපාලන පාඩම් කිහිපයක් කියාදෙන බව මෙහි දී වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

ලංකාවේ 2015 වසරේ ජනවාරි 08 වැනිදා සිදු ජයග්‍රහණයට මූලය වූ උපාය ක්‍රියාත්මක කර හිලරි ක්ලින්ටන් පරාජය වූ බවත්, ඒ අනුව සුලුතරයන් සියල්ල එකතු කර බහුතරයේ කුඩා කොටසක් ලබා ගත් විට ජයග්‍රහණයට ඇතියි කියන සංකල්පය මෙහිදී පරාජය වුණ බවත් සඳහන් කර තිබේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක අනුගමනය කරන්නේද එම පිළිවෙත බවද පෙන්වාදී තිබේ.