2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹෙයි..

1232016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල බ්‍රසීලයේ, රියෝද ජනයිරෝ නුවර, මරකානා ක්‍රීඩාංගනයේදී ඊයේ (05) ආරම්භ විය.

රටවල් 206ක ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්, පුහුණුකරුවන් හා නිලධාරීන් දස දහස් පන්සීයකට වැඩි පිරිසක් මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සදහා සහභාගිවී සිටින අතර, මෙය මෙය 31 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තේමාව ‘නව ලෝකයක්‘ යන්නයි.

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සුරතලා වන්නේ විනිෂස්. බලලෙකුට සහ වදුරෙකුට සමාන පෙනුමක් ඇති විනිෂස් නියෝජය කරන්නේ බ්‍රසීල වන සත්වයින්. එම නම යොදා ඇත්තේ බ්‍රසීල මහා කවියෙකු වන විනිෂස් ඩී මොරායෙස් සිහිවීම පිණිසය. මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ඇස්තමේන්තුගත වියදම අමෙරිකානු ඩොලර් බිලියන 12කි.

දකුණු අමෙරිකානු මහද්වීපයක ඔලිම්පික් උළෙලක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර යුරෝපා මහද්වීපයේදී 16 වතාවක්, උතුරු අමෙරිකානු මහද්වීපයේ 6 වතාවක් සහ ආසියා සහ ඕස්ට්‍රේලියානු මහද්වීපයේ තුන් වතාව බැගින් මීට පෙර ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් පවත්වා තිබේ.

ඔලිම්පික් ක්‍රීඩා උළේල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය (1) වැනි දා දිවයිනෙන් පිටත්වූණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top