ජොන්ස්ටන්ට රට යන්න අවසර

johnston fernando 01පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් තමන්ට සිංගප්පුරුවට යාම සඳහා කළ ඉල්ලීමට අධිකරණය විසින් අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම පිළිබද චෝදනා කරමින් ගොනු කරන ලද නඩුව විභාග කිරීමේදී අධිකරණය විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලදී.

අදාළ නඩුව අද (11) දින යළි විභාගයට ගන්නා ලද අතර, ලබන 14 වැනිදා සිට 18 වනදා තෙක් තමන්ට සිංගප්පූරුව බලා යාමට අවසර දෙන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී අදාළ ඉල්ලීමට අවසර ලබා දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top