අයවැය බදු ක්‍රම තුළින් ජනතා සහනයන් වෙනුවට කප්පාදුවක් – අනුර කුමාර

අනුර කුමාරඅපරට මුහුණ දී තිබෙන ගැඹුරුතම ආර්ථික අර්බුධය මෙවර අයවැයෙන් පිළිබිඹුවන බවත් බදු ක්‍රම තුළින් ජනතා සහනයන් වෙනුවට කප්පාදුවක් සිදුකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි

මෙවර අය වැයෙන් පෙන්නුම් කෙරෙන්නේ මෙතෙක් මේ රජය අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය නිසා රටේ උද්ගත ආර්ථික අර්බුදයේ කැඩපතයි.ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න ජනතා අත්‍යවශ්‍ය භාණ්ඩමත බදු බර පැටවිම් කර තිබෙනවා.විවිධ බදු ක්‍රම තුළින් ජනතා සහනයන් වෙනුවට කප්පාදුවක් දක්නට තියෙනවා.මෙතෙක් පනවා තිබු බදු වෙනුවට අලුත් බදු පැනවීමක් කරලා තියෙනවා.

කාබන් බද්ධ අලුත් එකක්, රථ වාහන දඩ බද්ධ,මේ නිසා ආර්ථික අර්බුදයේ ගැඹුරුතම අවස්ථාව එනවා.විශ්‍රාම වැටුප් අරමුදල ඇතුළු අනෙකුත් අරමුදල් සුරාගෙන කෑමේ ප්‍රයත්නයක මුදල් ඇමැතිවරයා නියැලී තියෙනවා.අයවැය පියවන උපාය මාර්ග මේ තුළ නෑ.පසුගිය අයවැයෙන් දුටු ආර්ථික දැක්ම ඉදිරියට ගෙන යන ක්‍රමවේදයක් මේ තුළ නෑ. ගිය අයවැයෙන් වෙන් කළ මුදල් ප්‍රයෝජන ගත්තේ නෑ. එවා යළි හරවා ආවා රජයට ඕනෑ කලේ ඒක .මේ අයවැයත් ගියවර මෙන් තවත් හුදු ලියවිල්ලක් පමණයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top