මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් විරෝධතාවයක

img_5836-150x150තම ස්වාමිපුරුෂයන් යුද්ධයෙන් මියගිය ගියද කිසිදු සහනයක් තම පවුල් සාමාජිකයන් වෙත ලබා දීමට බලධාරීන් ක්‍රියා කර නොමැති බව පවසමින් එම රණවිරු සාමාජිකයින්ගේ බිරින්දෑවරුන් විසින් ඊයේ (12) කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.

රණවිරු සංසද බිරින්දෑවරුන්ගේ ඒකාබද්ධ සංවිධානය සහ සමස්ත ලංකා මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ගේ සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනි.

විරෝධතාවයේ යෙදුනු පිරිස අවධාරණය කර සිටියේ විශ්‍රාම වැටප් ලෙස තමන්ට ලැබෙන මුදල ජීවත් වීම සදහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ මැදිහත් වී ඒ සදහා සහනයක් සලසන මෙන් ඉල්ලා සිටින බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top