විනිසුරුවරුන් 70කට ජනවාරියේ සිට ස්ථාන මාරු

seventy 70අධිකරණ සේවා නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදයට අනුව ජනවාරි මස පළමු වනදා සිට විනිසුරුවරුන් 70 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. සේවා අවශ්‍යතා මත මෙය ක්‍රියාත්මක කර ඇති බව අධිකරණ සේවා කොමිසම සඳහන් කරයි.

මෙම ස්ථාන මාරු අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අනුරාධ පුර දිසාවිනිසුරුවරයා ලෙස ස්ථාන මාරු කර ඇති අතර අනුරාධපුර දිසා විනිසුරු එල් ආර් බණ්ඩාර මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස මාරු කර තිබේ.

මෙම ස්ථාන මාරු පිළිබද අභියාචනා ඇත්නම් ලබන 25 වැනිදාට පෙර ලැබෙන්නට සලස්වන ලෙස ද අධිකරණ සේවා කොමිසම දැනුම් දී ඇත.

එම ස්ථාන මාරුවීම් පිළිබඳ නාම ලේඛණය – jsc.gov.lk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top