SRILANKAN NEWS

මාර්ග නීති උල්ලංඝණය කරන්නන්ට එරෙහිව පනවන ලද දඩ මුදලේ වෙනසක් නැහැ – රජය

ravi - රවිමෙවර අයවැයෙන් මාර්ග නීති උල්ලංඝණය කරන්නන් සඳහා පනවන ලද රුපියල් 2500 අවම දඩ මුදල කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

රටේ මාර්ග නීති රීති නොසලකා හැරීම ඇතුළු නීති උල්ලංඝනය කිරීම ප්‍රධාන ප්‍රශ්ණයක් බවට පත්වී ඇති බවත්, මාර්ග නීති පිළිබඳ විනයක් හා ගරුත්වයක් ජනතාව තුළ ඇති කිරීමේ අරමුණින් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත් බව අමාත්‍යවරයා පෙන්වාදී තිබේ.

අයවැය සකස්කිරීම සඳහා ලැබූ යෝජනාවලින් සියයට 90කින් පමණ ජනතාව රටේ සියළු ක්‍ෂේත්‍රයන්හි විනය ඇති කිරීම හා නීතිය පිළිපැදීමට ජනතාව යොමු කළ යුතු බව ඉල්ලා තිබුණු බවත්, මෙය පනවන ලද්දේ දහස් ගණන් මෝටර් රථකරුවන්ගේ සහ පදිකයන්ගේ ජීවිත ආරක්‍ෂාව උදෙසා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.