සිංහල සහ දෙමළ අනිවාර්ය කෙරෙන පනතක් – විග්නේශ්වරන්

CV.Vigneswaran_CI- විග්දෙමළ සිසුන් සඳහා සිංහල භාෂාව මෙන් ම සිංහල සිසුන් සඳහා දෙමළ භාෂාව ඉගෙනීම අනිවාර්ය කෙරෙන පළාත් සභා පනතක් ගෙනඒමට නැගෙනහිර පළාත් සභාව සමග ද සාකච්ඡා කර ගෙන යන බව උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.

නල්ලූර් හින්දු විද්‍යාලයේ ඊයේ (14) දින පැවති උත්සවයකට එක්වෙමින් මහ ඇමැතිවරයා මේ බව පවසා තිබේ.

සිංහල හා දෙමළ රාජ්‍ය භාෂාවන බැවින් දෙපළාතේ රජයේ සේවකයින්ට ද එම භාෂා ඉගෙනීම අනිවාර්ය කෙරෙන නීති ගෙන එන බවත්, නැගෙනහිර පළාත් සභාව සමග ද සාකච්ඡා කොට අදාළ පනත ගෙන ඒමට බලාපොරොත්තු වන බවද පවසා තිබේ.

සිංහළ හා දෙමළ භාෂා දැන සිටීම සංහිදියාව වර්ධනයට මෙන්ම සිංහල හා දෙමළ වැසියන් අතර පවතින සැකය සහ අවිශ්වාසය නැති කිරීමට ද හේතු වන බවද මහ ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top