2017 වර්ෂය සදහා ඉදිරිපත් කරන ලද අයවැය තුළින් විවිධ බදු ඉහළ යාම හා මෑතකදී සිදු කළ ජල ගාස්තු ඉහළ යාම නිසා ලබන මස 01 වනදා සිට ආහාර මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
තේ සහ කිරි තේ කෝප්පයක මිල රුපියල් 5 කින් සහ බත් පාර්සලයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.
ජග ගාස්තු ඉහළ දැමීම නිසා ආපන ශාලා හිමියන්ට මාසිකව රුපියල් දහ දාහකින් පමණ ජල බිල ඉහළ යන බවත්, ඊට විරෝධය පළ කිරීම සඳහා දෙසැම්බර් 1 වනදාට පෙර දිනයක කොළඹ පිහිටි සියළුම ආපනශාල වසා දැමීමට තීරණය කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.