SRILANKAN NEWS

ආවා කල්ලිය යැයි හඳුනාගත් 62 දෙනෙකුගෙන් 38ක් අත්අඩංගුවට – සාගල රත්නායක

”ආවා” නැමැති කණ්ඩායමට සම්බන්‍ධ යැයි දැනට 62ක් කියා හඳුනාගෙන ඇති බවත් එයින් 38 දෙනෙකු අත් අඩංගුවට ගෙන හයදෙනෙකු පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතින බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

අද (15) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. මෙම කණ්ඩායම විසින් යාපනය අර්ධද්වීපය තුළ,යාපනය, කෝපායි, චුන්නාගම්,චාවාකච්චේරි,මනිපායී යන පොලිස් වසම්වල හා උතුරු පළාත්වල විවිධ කොල්ලකෑම් හා විශ්වවිද්‍යාල සිසුන් බිය වද්දා පහර දීම්,වෙළඳ ව්‍යාපාරිකයින් බියවද්දා පහර දීම්,වැනි අපරාධ සිදු කර ඇති බවට වාර්තා වී ඇත.

පසුගිය කාලයේ කොන්ත්‍රාත් ක්‍රමයට අපරාධ කර ඇති බවට තොරතුරුඅනාවරණය කරගෙන තිබෙනවා. සාමාජිකයන් අත් අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවා තිබෙනවා. දැනට 62ක් කියා හඳුනාගෙන තිබෙනවා. ඉන් 38ක් අත් අඩංගුවට අරගෙන හයදෙනෙකු පිළිබඳව විමර්ශන කරගෙන යනවා. තවත් අට දෙනෙකු සොයමින් සිටිනවා. මෙයයි වර්තමාන තත්ත්වය .

මේ පිරිස අතේ සල්ලි තිබෙනවා. විදේශගත ව සිටින ඥාතීන්ගෙන් සල්ලි එනවා කියා සිතනවා. නවීන පන්නයේ මෝටර් සයිකල් තිබෙනවා. විමර්ශන කරගෙන යනවා. යුද හමුදා නිලධාරියේ සේවයට වාර්තා නොකළ අයෙක්. විමර්ශන කරගෙන යනවා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.