හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සභාපතිත්වය දරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීමට පක්ෂ කිහිපයක් තීරණය කර ඇති බව හිටපු අමාත්‍ය මහචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
වමේ පක්ෂ කිහිපයක් විසින් අද (15) කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ, වමේ පක්ෂ නියෝජනය කරන වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර ඇතුළු පක්ෂ කිහිපයකම ප්‍රධානින් මෙම තීරණය ගෙන ඇති බවද පවසා තිබේ.
මේ අතර, එම මාධ්‍ය හමුව ඇමතු හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටවී මුදල් ඇමතිවරයා විසින් මෙවර අය වැය සකස් කර ඇති බවත්, මෙය අය වැයක් නොව ණය වැයක් වන අතර, ගෝනුස්සාගේ විෂ ඇත්තේ ඌගේ නැට්ටේ යැයි කියන්නාක් මෙන් රවීගේ අය වැයේ හොඳම විෂ ඇත්තේ එහි අග කොටසේ බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment