කුරුණෑගල වෙඩි තැබීමකින් උප පොලිස් පරීක්ෂකවරයෙක් මරුට

gun-1 වෙඩිකුරුණෑගල, රත්කරව්ව ප්‍රදේශයේ පිහිටි හෝටලයක් ඉදිරිපිට සැකකටයුතු වාහනයක් නවතා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට ඊයේ රාත්‍රියේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරිහු දෙදෙනෙක් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ.

සිද්ධියෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු එම ස්ථානයේදී ම මිය ගොස් ඇති අතර වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් පළා ගොස් ඇති බවත් ඔවුන් සොයා කුරුණෑගල පොලීසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top