අතුරු වෛද්‍ය වෘත්තීයවේදීහු පැය 48ක වර්ජනයක්

විරෝධතා - උද්ඝෝෂණඖෂධ සංයෝජක තනතුර අතුරු වෛද්‍ය සේවාවට අන්තර්ග්‍රහණය කිරීම ඇතුළු ගැටලු නිසා අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ට සිදුවන අසාධාරණයට එරෙහිව අද (16) සහ හෙට (17) පැය 48ක දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව අතුරු‍ වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසයි.

ඖෂධ සංයෝජක තනතුර අතුරු වෛද්‍ය සේවාවට අන්තර් ග්‍රහණය කිරීමට උත්සාහ කිරීමට එරෙහිව සහ මේ වසරේ වැටුප් වැඩිවීම අත්කාල හිමිකම් රේට් අගයට සංශෝධනය නොකිරීම, පළමු ශ්‍රේණියට ඇතුළු වූ නිලධාරීන්ට හිඟ වැටුප් නොගෙවීම, විශේෂ ශ්‍රේණියේ නිලධාරීන්ට සහනදායී වාහන බලපත්‍ර ලබා නොදීම, ශිෂ්‍ය දීමනා විෂමතාවන් ඉවත් නොකිරීම ඇතුළු ගැටලු ගණනාවක් ඇති වී තිබෙන බවද එම පෙරමුණ සඳහන් කරයි..

සෞඛ්‍ය බලධාරීන්ගෙන් තමන්ට නිසි ප්‍රතිචාර නොලැබුණොත් උද්ඝෝෂණයක් දක්වා යාමට සිදුවන බවද ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top