යාපනය මානගර සභා සේවකයන් යළි වැඩට

img_2572යාපනය මානගර සභාවේ සෞඛ්‍ය සමිති සේවකයන් යළි අද දින පටන් සිය වැඩ කටයුතුවලට පැමිණ තිබේ. මෙවැනි තත්වයකදී යාපනය මානගර සභාවට අයත් ප්‍රදේශවල කුණු කසල ඉවත් කිරීම ආරම්භ කර තිබේ. ස්ථීර පත්වීම් ලබාදිය යුතු බව අවධාරණය කර උතුරු පළාත් එක්සත් වෘතිකයන් සංගමය පසුගිය 7 වනදා සිට පවත්වාගෙන ගිය වැඩ වර්ජනය ඊයේ (16) සවස තාවකාලිකව අත්හිටුවා තිබේ.

උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේශ්වරන් මහතාගේ ඉල්ලීමට අනුව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා උතුරු පළාත් වෘතිකයන් සංගමයේ නියෝජිතයන් අතර කළ සාකච්ඡාවලින් අනතුරුව වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඉදිරි මාස තුනක කාලයක් තුල ප්‍රථමයෙන් සේවකයන් 90කට ස්ථීර පත්වීම් ලබාදීමට පියවර ගන්නා බවට සහතිකවී ඇත.

img_2563 img_2571

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top