INDIAN NEWS

තමන් දැඩි තීරණයක් ගත් බව ඉන්දිය අගමැති පවසයි..

මෝදිඉන්දීයාවේ රුපියල් 500 සහ 1000 නෝට්ටු අවංලගු කර අලුත් මුදල් නෝට්ටු නිකුත් කිරීමට තමන් ගත් තීරණය දැඩි තීරණයක් බව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

නීති විරෝධී ලෙස මුදල් සංචිත සඟවාගෙන බදු රැහැනින් මිදී සිටියවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ තම වැඩපිළිවලට දුප්පත් ජනතාව තමන්ට සහාය වන බවත්, කොංග්‍රස් පක්‍ෂය එය කඩාකප්පල් කිරීමට උත්සහ කරන බවද හෙතෙම චෝදනා කර තිබේ.

දුප්පත් ජනතාවට අයත් මුදල් වෙනත් අය කොල්ලකා යාම මින් ඉදිරියටත් අනුමත කළ නොහැකි බවත්, තමන්ට විරෝධය පළ කරන බොහෝ අය ප්‍රබල පුද්ගලයන් නමුත් තමන් එයින් බියට පත් නොවන බවද පවසා තිබේ.

ඉන්ද්‍රා ගාන්ධි අගමැතිනිය ලෙස කටයුතු කළ කාලයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබුණි. හුදෙක් දේශපාලන තනතුරු සඳහා මුළු රටම මාස 19ක කාලයක් හදිසි තත්වයෙන් පීඩාවට පත්වුණි. නමුත් තමන් වංචා දුෂණයට එරෙහිව සටන් කිරීම සඳහා දින පනහක කාලයක් පමණක් ඉල්ලා සිටින බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.