තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රිමාන්ඩ් භාරයට පත් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (16) පියවර ගෙන තිබේ.
බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් එළැඹෙන 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අද නියෝග කර තිබේ.
පසුගිය නොවැම්බර් 3 වැනිදා මාලිගාවත්තේ සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අතුරතුර බෞද්ධාගමට අපහාසවන අයුරින් ප්‍රකාශ නිකුත් කළැයි කුරුණෑගල හිමිනමක් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඔහු මාලිගාවත්ත පොලීසියි විසින් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.