පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතරවු ගැටුමකින් සිසුන් 5 දෙනෙක් රෝහලට

පේරාදෙණිය විශ්වවිද්‍යාලපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් සිසුන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

අවසන් වසරේ සිසුන්ගේ විසිරයාමේ උත්සවයට ආරාධනා පත්‍ර ලබාදීමේ දී විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ අවසන් වසරේ සහ දෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බව පේරාදෙණිය පොලීසිය සඳහන් කරයි.

ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් පස් දෙනා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්න්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් ද මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top