SRILANKAN NEWS

නැගෙනහිර පළාතේ ජාතිවාදී ගැටුමක් ඇති කිරීමේ උත්සහයක්..

හෆීස් නසීර්නැගෙනහිර පළාතයෙහි දරුණු ජාතිවාදී ගැටුමක් ඇති කිරීමට ඇතම් පිරිසක් සැලසුම් සහගතව උත්සහ කරමින් සිටින බව නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆීස් නසීර් අහමඩ් මහතා පවසයි.

එම කුමන්ත්‍රණකරුවන්ට නැගෙනහිර පළාතයෙහි දේශපාලකයන් කිහිප දෙනෙකු ද සහාය ලබාදීම දැන් ප්‍රසිද්ධ වෙමින් පවතින බවත් ජනතාවට ඔවුන්ගේ සැබෑ ස්වරුපය දැක ගැනීමට මෙය හොඳ අවස්ථාවක් බව ද සඳහන් කර තිබේ.

අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල දෙමළ, මුස්ලිම් ජනතාවගේ ස්වදේශි ප්‍රදේශවල තැනින් තැන හදිසියෙන්ම තැන්පත් කරන බුදු පිළිම සහ මඩකළපුවේ බලහත්කාරයෙන් බෞද්ධ ජනාවාස ඇති කිරීමට උත්සහ කිරීමතුලින් සුළු ජාතීන් හා මහ ජාතිය අතර සැලසුම් සහගතව ගැටුමක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් බව ද හෙතෙම පවසා තිබේ.

යුද්දය පෙන්වා තම ජීවනෝපාය නඩත්තු කළ දේශපාලකයන්ට යුද්දයක් නැතිවීමෙන් තම පටු දේශපාලනය පවත්වාගෙන යාමට නොහැකියි යන යථාර්තය වටහාගත් ඔවුන් මෙලෙස ජාතීන් අතර විරසක් ඇති කිරීමට උත්සහ දරමින් සිටින බව හෙතෙම පෙන්වාදී තිබේ. මෙවැනි ක්‍රියා කටයුතු රජය ආරම්භයේදීම තුරන් කළ යුතු බවත්, ජාතිවාදී ක්‍රියාවන් සිදු කරන්නන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීති ක්‍රියාත්මක කළ යුතු බවද මහ ඇමැතිවරයා පවසා තිබේ.

සමාජ ජාලවලින් ජාතිවාදය වපුරන අයුරින් විවිද ආකාරයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් ජනතාව නොසන්සුන් කර එමඟින් සිය පටු අරමුණ ඉටුකර ගැනීමට මෙලෙස කටයුතු කරන බවද මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.