SRILANKAN NEWS

අධිකරණ ඇමැතිගේ ප්‍රකාශයට මුස්ලිම් කවුන්සිලය විරෝධය පළ කරයි..

මුස්ලිම් කවුන්සිල්ඇතැම් මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වල අන්තවාදී මත දරණ පුද්ගලයින් විසින් ඉගැන්වීම සිදුකරන බවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය විරෝධය පළ කර තිබේ.

එහි සභාපති එන් එම් අමීන් මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, එවැනි තත්වයක් පවතින්නේ නම් රජය ඒ සම්බන්ධයෙන් වහා විමර්ශන සිදු කළ යුතු බවයි.

කෙසේ වෙතත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණෙන අන්තවාදී මත දරණ පුද්ගලයින් මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වල ඉගැන්විම් කටයුතු සිදු කරන බවයි.

WijedasaRajapaksa1 600px 16 11 19 WijedasaRajapaksa2 600px 16 11 19