ශ්‍රී ලාංකිකයන් 32ක් අයි.එස්. සංවිධානයට – අධිකරණ ඇමැති

 විජයදාස රාජපක්ෂමෙරට මුස්ලිම් ප්‍රභූ පවුල් 4ක පුද්ගලයන් 32 දෙනකු. සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. සංවිධානයට බැඳී සිටින බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම පුද්ගලයන් සාමාන්‍ය පවුල්වල අය නොව උගත් සමාජය පිළිගත් පවුල්වල පුද්ගලයන් බව පැවැසූ ඇමැතිවරයා බුද්ධි අංශ එය තහවුරු කර ඇතැයිද කීවේය.

සමහර මුස්ලිම් ජාත්‍යන්තර පාසල් වලට දේශකයන් වශයෙන් සංචාරක වීසා මත පැමිණ අන්තවාදය පතුරුවා දරුවන්ගේ මනස විකෘති කරන පිරිසක් සිටිනා බවද හෙතෙම සඳහන් කළේය.

බේරුවල කල්එළිය කල්මුණේ හා කුරුණෑගල යන මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වල මෙවැනි දේ සිදුවන බවට වාර්තා වන බවත් එය බරපතළ ගැටලුවක් බවත් ඇමැතිවරයා කීය. මීට අමතරව තවුෆික් ජමාද්, තබ්ලික් ජමාද්, සුන්නත්බල් ජබාන් හා ජමාතේ ස්මයිල් යන සංවිධාන එකිනෙකා මරා ගනිමින් සිටිනා බවද පැවැසූ ඇමැතිවරයා මේ ගැන ‍පොලිස් පැමිණිලි තිබෙන බවද කීවේය.

මේ කිසිවෙකුට ලංකාව අස්ථාවර කිරීමට අවස්ථාව නොදෙන බව කී ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවද පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top