SRILANKAN NEWS

යාපනයේ නිවසක ගංජා වගාකළ පුද්ගලයකු අත්අඩංගුවට

kanja-at-home-in-jaffna-1024x682යාපනය මනියම්තෝට්ටම් ප්‍රදේශයේ නිවසක ගංජා පැළ වගාකළ පුද්ගලයකු ඊයේ (18) දින පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඉකුත් නිවස සෝදිසි කිරීමේදී සැකකරුව අත්අඩංගුවට ගත් අතර, ගංජා පැළ ද සිය භාරයට ගෙන තිබේ.

යාපනය, මනියම්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මායක්‍රිෂ්ණා රාජේන්ද්‍රන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසේ.