ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 162.6ක ණය මුදලක් ලබාදීමට IMF තීරණය කරයි..

imfශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 162.6ක ණය වාරිකයක් පිරිනැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් එම තීරණය ගෙන තිබේ.

2017 වසර සඳහා වන මෙරට අයවැය මඟින් රජයේ මූල්‍ය තත්වය ශක්තිමත් කරලීමට පියවර ගැනීමෙන් මෙලෙස තවත් ඩොලර් මිලියන 162.6ක් ලංකාවට මුදා හැරීමට තීරණය කර තිබේ.

ඒ අනූව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ දෙවන වාරිකය මේය වන අතර, මෙතෙක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 325.1 ක මුදලක් ලබාදීමට අනුමැතිය ලබාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top