ගල්හින්න ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට..

gun-1 වෙඩිමහනුවර අංකුඹුර – ගල්හින්න ප‍්‍රදේශයේ අද (20) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් මාර්ගය ආසන්නයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පලා ගොස් ඇත. එහිදී වෙඩි ප්‍රහාරයට ලකවූ එක් පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙන අතර, තුවාල ලැබූ පුද්ගලයා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට ටී 56 ගිනි අවියක් සමග අයකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔහු පැමිණි බව කියන රතු පැහැති මෝටර් රිය ද පූජාපිටිය ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.

මෙම වෙඩි තැබීම පුද්ගලික අමනාපයක් මත සිදුවුවක් බවට පොලීසිය සැක පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top