ඉන්දියාවේ සිඳුවූ දුම්රිය අනතුරකින් 96ක් මරුට, 200කට තුවාලයි..

cannboorඉන්දියවේ උත්තර ප්‍රදේශයේ කාන්පූර් ආසල දුම්රියක් පීලි පැනීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 96 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

පාට්නා ඉන්දූර් අධිවේගි දුම්රිය කාන්පූර් අසල අද (20) දින පීලි පැනීමෙන් මෙතෙක් 96 දෙනෙකු මිය ගොස් ඇති බවත්, තවත් 200 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවත්, එයින් 76 දෙනෙකුගේ තත්වය බරපතල බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි..

මෙම අනතුරෙන් දුම්රිය මැදිරි 14ක් පීලි පැන ඇති බවත්, මධ්‍යම ප්‍රාන්තය සහ මහරාශ්ට්‍රා ප්‍රාන්තය අතර තිබෙන එකම දුම්රිය මාර්ගය මෙය හෙයින් ප්‍රාන්ත දෙක අතරවූ දුම්රිය ගමනා ගමනය අඩාලවී ඇති බවද පැවැසේ. මේ වන ගලවා ගැනීමේ කණ්ඩායම් එම අනතුර වූ ස්ථාන වෙත ගොස් සිටින අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඉන්දීය බලධාරීන් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top