විනිසුරුවරුන්ට විශේෂ වැටුපක්

විජයදාස රාජපක්ෂඅධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරුන් වෙනුවෙන් විශේෂ වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට ඉදිරියේ දී යෝජනා කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් විනිසුරුවරුන්ට වැටුප් ව්‍යුහයක් සකස් කළ යුතු බවට මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.අධිකරණ අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ආරම්භ කළේ ය.

අඩු පහසුකම් යටතේ විනිසුරුවරු විශාල බරක් ඇදගෙන යන බව කී අමාත්‍යවරයා, ඔවුන් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් සිදු කරන බව පැවසී ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top