ඒකාබද්ධ විපක්‍ෂය හමුදා සෙබළුන්ව අගෞරවයට පත්කරනවා – එස්.බි. දිසානායක

එස්. බී. දිසානායක ඒකාබද්ධ විපක්‍ෂය හමුදා සෙබළුන්ව අගෞරවයට පත්කරන බව සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි. ඉදිරියේදී හමුදා කුමන්ත්‍රණයක් සිදුවේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්‍ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

දිනේෂ් ගුණවර්ධන මහතා සිදුකළ ඉතා බරපතළ, සැලසුම්සහගත ප්‍රකාශය මහත් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්, ලෝකයේ ගෞරවණීය සහ ආදර්ශමත් යුද හමුදාවක් ලෙස කීර්තිය ලබා ඇති ශ්‍රී ලංකාවේ හමුදාව කුමන්ත්‍රණයක් සිදුකරාවි යැයි රජයත්, තමාත් කිසිලෙසකින්වත් කිසිවිටෙකවත් නොසිතන බව ද හෙතෙම පවසා තිබේ.

මෙය රටේ ගෞරවණීය, ශිෂ්ටසම්පන්න, නීතිගරුක හමුදාවට කළ ලොකුම අපහාසයයි. ඒවාගේ හමුදාවක් කුමන්ත්‍රණයක් කරයි කියා ප්‍රකාශ කිරීම ඉතාම පිළිකුලෙන් යුතුව අපි හෙළා දකිනවා. මේ ප්‍රකාශවලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ නැවත රට, ජාති, ආගම්, කුල හා වෙනත් බේදවලින් විනාශය කරා ගෙන යෑමට බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top